2022 අප්‍රේල් 27, පෙ.ව. 8:34
විදුලි බීලද වැඩි කිරීමට නියමිත බව වාර්තා වනවා.
එසේ විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අත්‍යවශ්‍ය වනවා.
පරස්පර මත ගැටුම
ඒ සම්බන්ධයෙන් එම කොමිසමේ සභාපතිවරයා වන ජනක රත්නායක සහ විෂය භාර නව අමාත්‍යවරයා වන කාංචන විජේසේකර යන මහත්වරුන් අතර පරස්පර මත ගැටුමක් ඇතිව තිබෙනවා.
ඒ විෂයභාර කාංචන විජේසේකර අමාත්‍යවරයා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කොටගෙන.
විදුලි බිල වැඩි කිරිම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව කාංචන විජේසේකර ඇමතිවරයා පුද්ගලික රූපවාහිනි සේවයක් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කලා.
කොමිසමේ ප්‍රතිචාරය
එහෙත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේ විදුලි බිල වැඩි කිරීම සඳහා එවැනි අනුමැතියක් ලබා නොදුන් බවයි.
අන් දේවල් වල මිල ගනන් මධ්‍යම රාත්‍රියේ වැඩි කරනවා මෙන් විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
ජනපතිවරයාට හෝ ඇමතිවරයාට අවශ්‍ය විදියට විදුලි බිල වැඩි කිරීමට නොහැකි බව පෙන්වාදෙන ඔහු ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙන බවද සදහන් කරනවා.
වැඩි කරන ක්‍රමවේදය
විදුලි බිල වැඩි කරන්නේ නම් එසේ වැඩි කරන්නේ අදාළ ක්‍රමවේදයට අනුව කරුණු සලකා බලා බවයි ඔහු අනාවරණය කරන්නේ.
විදුලි බිල 100% කින් වැඩි වන බවටයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31