hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 08, ප.ව. 12:48



ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා කැඳවන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මගින් කෝප් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ධන මිල සහ වෙනත් කරුණක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කෝප් කමිටුව සහ මහජනතාව නො මඟ යවා තිබේ නම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි එහි දැක්වෙන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ජූලි 12 වනදා උදෑසන 10.00ට කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කළ බවයි.

දත්ත පරිශීලනය කිරීමේදී පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250ක මිලකට ශ්‍රී ලංකාව තුළ අලෙවි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණා.