2022 අප්‍රේල් 17, පෙ.ව. 11:16
සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්ලයේ සුවිශේෂී නැකත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේදී අද (17) පෙරවරු 7.04 ට යෙදුණු සුභ මොහොතට අනුව පැවැත්වුණා.
ආගමික වතාවත් හා පුරාණ චාරිත්‍රානුකූලව පැවැති මෙම උත්සවයේ ආගමික වතාවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී ලංකාවේ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කළා.
මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය හා ආයුර්වේද අමාත්‍ය සිසිර ජයකොඩි, මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජනායක, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අභයගුණවර්ධන, ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුණා.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ තායි රාජා ඇතු ඇතුළු අලි ඇතුන් වෙත හිසතෙල් ගෑමද මෙහිදී සිදුවූ අතර චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑම සඳහා මෙම අවස්ථාවට විශාල පිරිසක්ද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසූවේ.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31