2022 මැයි 25, පෙ.ව. 10:55
නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇතැයි කෝපා කමිටු වාර්තාවේ නිරීක්ෂණවල සඳහන් වනවා.
එහි අනතුරුදායක තත්වය වන්නේ එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබා දී තීබිමයි.
මෙම තත්ත්වයෙන් අසමත් (quality fail) ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකි වී තිබෙනවා.
මේ නිසා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඖෂධවල සුරක්ෂිතතාවය සුරැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙල හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කොට තිබෙනවා.
ඖෂධ ගබඩාව කොරිඩෝවේ
වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන නොමැති බවත්, වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර ඇති බවත් කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබෙනවා.
මේ අතර, ඖෂධය ලැබුණු වහාම තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්ත්වය තරමක් දුරට හෝ මග හරවා ගත හැකි බවද අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී තිබෙනවා.
සැපයුම්කරුවන්ගෙන් අයකර ගන්න
වෛද්‍ය සැපයුම් අංශය විසින් තත්ත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අය කර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවටයි කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කොට ඇත්තේ.
මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේයි.
2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31