hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 5:37



ඉතිහාසයේ පළමු වතාවට රජයට අයත් සියලු ආයතනවල ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී සභා ගත කළා.

ඒ පසුගිය අයවැය කතාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන් පොරොන්දුවකට අනුව යි.

ඒ අනුව රජයට අයත් ආයතන සංඛ්‍යාව 1283ක්. වැය ශීර්ෂ 19 යටතේ මුදල් වෙන් කෙරෙන මෙම ආයතන අතරට අමාත්‍යාංශ 29ක්, දෙපාර්තමේන්තු 99ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක්, පළාත් සභා 9ක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක් සහ පළාත පාලන ආයතන 341ක් ඒ අතර වෙයි.

එම ලේඛනයට අනුව රාජ්‍ය ව්‍යාපාර ඇතුළුව රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන සංඛ්‍යාව 420ක්.