hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 13, ප.ව. 11:27



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් කතානායකවරයා වෙත යොමු කර නොමැති බව වාර්තා වනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සිංගප්පූරුවට ලගාවීමෙන් පසුව ලබා දෙන බවට ප්‍රකාශ කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද (13) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳ පක්ෂ නායකයන් වෙත කතානායකවරයා විසින් මේබව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවා.

රටේ පවතින වත්මන් අර්බුධකාරී වාතාවරණය සමනය කිරීම සඳහා විසඳුම ලෙස අගමැතිවරයා හැකි ඉක්මනින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (13) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ වන විට උද්ගතව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ කථානායකවරයා විසින් එහිදී විස්තර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රටේ පවත්නා වාතාරණය පිළිබඳව පක්ෂ නායකයන් විසින් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව මනත්‍රීවරුන් දැනුවත් කිරිමටද කටයුතු කර තිබුණා.

මෙහිදී කථානායකවරයා සඳහන් කළේ තමා විසින් රටට නිවේදනය කළ පරිදි අද (13) රාත්‍රී 12ට පෙර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමට සලස්වන බවට ජනාධිපතිවරයා විසින් දුරකථන මාර්ගයෙන් තමාවෙත දැනුම් දුන් බවයි.

මෙම රැස්වීමට මහජන අරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මෛත්‍රීපාල සිරිසේන, ලක්ෂමන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, මනෝ ගනේෂන්, වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ, ඩග්ලස් දේවානන්ද, ගයන්ත කරුණාතිලක, රන්ජිත් මද්දුමබණ්ඩාර, අංගජන් රාමනාදන්, ගෙවිඳු කුමාරතුංග, රවුෆ් හකීම්, වී. රාධක්‍රිෂණන්, උදය ගම්මන්පිල, පූජ්‍ය අතුරලියේ රතන හිමි, එම්.ඒ සුමන්තිරන්, මහාචාර්ය තිස්ස විතාරණ යන අය සහභාගී වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: