hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 18, ප.ව. 4:44



පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසක්.

රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි ද මෙම සැකකරුවන් පිරිසට අයත්.

ඒ අනුව පොලීසිය පවසන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති අතර කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නවුඩ 2022.07.05 වන දින නැවත කැඳවීමට නියමිත බවය.