hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 29, පෙ.ව. 1:02



ඊයේ (28) රටේ දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණා.

ඒ රාජ්‍ය , අර්ධ රාජ්‍ය , බැංකු හා පුද්ගලික අංශය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වල සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන්.

ආර්ථික අර්බුදය

ඒ රටේ උද්ගතව ඇති ආර්ථික අර්බූදයට සිය විරෝධය දැක්වීමට.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වස් ජනපතිවරයා , අගමැතිවරයා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුව ඉවත් විය යුතු බවයි වර්ජකයින්ගේ ඉල්ලීම වුණේ.

වර්ජකයින් සිය වර්ජනය හරහා දුන් පණිවිඩය ආණ්ඩුව ගණන් නොගන්නේ නම් ඊළඟට ගන්නා පියවර පිළිබඳවද වර්ජනය සංවිධානය කළ කණ්ඩායම් අනතුරු අඟවා තිබෙනවා.

එසේ අනතුරු අඟවා තිබෙන්නේ අදාල වැඩ වර්ජනය සංවිධානය කිරිමේ වැඩි බර ගත් සමස්ත ලංකා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයයි.

අඛණ්ඩ වැඩ වර්ජනය

එම සම්මේලනය වෙනුවෙන් වසන්ත සමරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ වර්ජකයින්ගේ පණිවිඩයට ඇහුම්කන් නොදුන්නහොත් ආණ්ඩුව බලයෙන් පහ වන තුරුම අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

ඔවුන් එළඹෙන මැයි 6 වැනි සිකුරාදා හර්තාලයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඊයේ (28) වැඩ වර්ජනය සමස්ත රට පුරාම ක්‍රියාත්මක වනු දක්නට ලැබුණා.

එම වැඩ වර්ජනයෙන් රටේ සියලු සියළු ක්ෂේත්‍ර වල වැඩ කටයුතු කඩා වැටීම නිසා එදිනෙදා වැඩ කර ගැනීමට රාජ්‍ය ආයතන හා අනෙකුත් අංශ වෙත පැමිණි සාමාන්‍ය ජනයා අසීරුතාවයට පත් වුණා.