hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 01, ප.ව. 3:08



බොරතෙල් නිසා පිරිපහදුව මෙන්න රටේ වාහන ටිකද අවසන් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට බාල බොරතෙල් ගෙන්වීම පසුපස ඉන්නේ තිරුපති යන්න ජෙට් එක දීපු කණ්ඩායම බවද ඔහු සඳහන් කළා.

ඩොලර් කාබාසිනියා කරමින් ලංකාවට බාල තෙල් නැවු ගෙන්වීම පසුපස බලයක් නැති කපුටු පාලනය තවමත් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසුවා.

පිරිපහදුවේ නිලධාරීන් දේශපාලන බලයෙන් යටකර මේ බොරතෙල් සඳහා අනුමැතිය ලබා ගෙන ඇති බවද පවසන ඔහු ඔක්ටේන් 95 පෙට්‍රල් අඩු මිලට ගැනීමට හැකියාව තිබියදී වැඩි මිලට ඔක්ටෙන් 92 ගෙන මිලදී ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.