hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 6:23



මිහින්තලේ සිප්පුකුලම ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

අදාළ නිලධාරියා මඟ රැක සිටිමින් එම පුද්ගලයින් දෙදෙනාව පරීක්ෂා කිරීමට යාමේදී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මිහින්තලේ සියඹලාගස්වැව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී තිබෙන්නේ.

පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීයා මෙතෙක් පොලිස්  ස්ථානයට පැමිණ හෝ රෝහල්ගතවූ බවට හෝ තොරතුරු නොමැති බව මිහින්තලය පොලිස් ස්ථානයේ නිලධාරීන් පවසනවා.