hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 8:07



ආන්දෝලනයට ලක්වු චින පොහොර නෞකාවේ නියැදි ගෙන්වා ගෙන රසායනාගාර පරික්ෂාවන්ට ලක් කිරීමට පෙර  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් සැපයුම්කරුගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.

2021 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා දින මේ සදහා අනුමැතිය ලබාදී තිබුණා.

ජාතිකශාක ආරක්ෂක පනතට හා  ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුව ජීවානුහරණය කළ පොහොර සැපයීමට ඇති හැකියාව හා අපේක්ෂිත පොහොර පූර්ව සුදුසුකම් ලේඛන හා ලංසු ලේඛන සඳහන් ප්‍රමිතියෙන් යුක්ත වන්නේ ද යන්න  නියැදි ගෙන්වා ගෙන රසායනාගාර පරික්ෂණයන්ට ලක් කිරීමට පෙර තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් පොහොර ගෙන් වීමට නිර්දේශ කොට තිබුණා.

එමෙන්ම තාක්ෂණික ඇගයිමේ කමිටුවේ සභාපතිවරයා පමණක් එක් එක් ලංසුකරුගේ පුර්ව සුදුසුකම් පරික්ෂාවට අදාල ලියකියවිලිවලට අත්සන් තබා ඇති බැවින් අනිකුත් තාක්ෂණික ඇගයිම් කමිටු සාමාජිකයින් තාක්ෂණික ඇගයිම්වලට  සහභාගි වී නොතිබුණු බව ද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මෙම නිර්දේශ ලබාදීමේ දී කෘෂිකර්ම අමාත්‍යංශයේ සාමාජිකයන්ට හා තාක්ෂණික ඇගයිම් කමිටුවේ සාමාජිකයින්ට  ආනයනික පොහොර වර්ගයේ සංඝටකයන් පිළිබදව ප්‍රසම්පාදන කමිටුව බලාපොරොත්තුවු අන්දමින් දැනුමක් නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එම නිසා සැපයුම්කරුවන් විසින් ලබාදුන් තොරතුරු මත තිරණ ගැනීමට සිදු වූ බව සදහන් කරමින් ඉදිරියේ දී නැවත මෙවැනි ආකාරයේ ප්‍රසම්පාදනයක් සිදු කිරීමට නුසුදුසු බව සදහන් කර තිබෙනවා.

මේ නිසා තාක්ෂණික ඇගයිම් කමිටුවේ තිරණයක් මත මෙම සැපයුම්කරු තෝරා ගැනීම හා පොහොරවල ප්‍රමිතිය තිරණය කිරිම ඇතුළු තාක්ෂණික ඇගයිම් කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු වී නොමැති බව නිරික්ෂණය වන බව විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ලලිත් චාමින්ද