hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 25, ප.ව. 7:00



මහා පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් දී අද පස්වරුවේ පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීයි.

වී මිල සම්බන්ධව සහ වී මෝල් හිමියන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ව සාකච්ඡා කෙරුණු අතර මෙම අවස්ථාවට මහා පරිමාණ වී මෝල් හිමිකරුවෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා ද එක්ව සිටියා.

මෙහිදී ඩඩ්ලි සිරිසේන මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් අතර ද උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවූ බවයි වාර්තා වන්නේ.

වී මෝල් හිමියන් මෙහිදී ප්‍රකාශ කළේ පිටරටින් සහල් ගෙන ඒම නවත්වන ලෙස සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ වෙළඳ අමාත්‍යවරයා අතර එකඟතාවයක් මත කටයුතු කළ යුතු බවයි.

එසේ නොවුණහොත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඩඩ්ලි සිරිසේන මහතා ද පෙන්වාදී තිබෙනවා.

රජය මගින් උපරිම මිලකට වී මිලදී ගන්නා අතර තමන් ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමට සූදානම් බව ඩඩ්ලි සිරිසේන මහතා සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන විට සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: