hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 19, ප.ව. 8:12



මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා රජයේ පාලන මිලට අද සිට සහල් මිලදී ගන්නයි පාරිභෝගිකයන්ට පැවසීම නිසා තමන් අපහසුතාවයට පත්ව ඇතැයි කුඩා මෝල් හිමියන් හා තොග වෙළෙඳුන් පවසනවා.

ඔවුන් අද මාධ්‍ය වෙත මේ අදහස් පළ කළේ ඩඩ්ලි සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

පොළොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමූපාකාර සමිතියේ ලේකම් ප්‍රසාද් හේමන්ත මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“හාල් මිල වැඩි කරෙත් එතුමන්ලා. මේ අවස්ථාවේ දී හාල් මිල අඩු කරල තියෙන්නෙත් එතුමන්ලා. මීට අවුරුද්දකට විතර කලින් රුපියල් 60ට 70 ට ගත්තු වී ගබඩාවල තියෙනවා. මේ අවස්ථාවේදී කුඩා මෝල් හිමියන් අමාරුවේ ඉන්නේ. මොකද 156ටත් ඒ අය නාඩු වී ගත්තා. ඒ ප්‍රකාශයෙන් කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් වලට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ කෙසේවෙතත් මින් ඉදිරියට වී මිලදී ගැනීමේදී ඒ සහල් මිල සකසා බලා ඒ මිලට සාපේක්ෂව වී මිලදී ගන්න මෝල් හිමියන්ගෙන් ඉල්ලනවා.”

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්,

“ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා එයාගේ ළඟ තියෙන සියලු සහල් වෙළඳ පොලට නිකුත් කරනවා කියලා. ඒ පිළිබදව අපි සුබදායී විදිහට තමයි දකින්නේ.”