hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 29, පෙ.ව. 8:56



ගාල් කර තිබූ දුම්රිය ඇන්ජිමකින් ඩීසල් සොරකම් කළ බව කියන දුම්රිය සේවකයෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) අළුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත දුම්රිය ස්ථානයට අනියුක්තව සේවය කරන දුම්රිය තාක්ෂණික ශිල්පී සහායකවරයෙකුයි.

සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 15 ක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අද අළුයම කොළඹ බලා ධාවනය කිරීමට නියමිත දුම්රියක ඇන්ජිමක් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබී ඇති අතර සැකකරු ඉන්ධන සොරකම් කර ඇත්තේ එම දුම්රිය එන්ජිමෙන් බවයි පොලීසිය කියා සිටියේ.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සිදු කර ඇති විමර්ශණයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම – ජුඩ් සමන්ත





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: