hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 05, ප.ව. 9:37



රාජ්‍ය සේවකයින් සඳහා හැකි තරම් නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙළක් යෝජනා කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එහිදී රාජ්‍ය සේවකයින් දින 4ක් සේවයට කැඳවීමට යෝජනා කරන බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළා.

“හැකි තරම් දුරට ගෙදර සිට වැඩ කිරීමට රුකුල් දෙන වැඩපිළිවෙලක් අපි යෝජනා කරමින් සිටිනවා. ඒ වගේ ම පළමුව අපි යෝජනා කර තිබෙන්නේ, දින 4ක රාජකාරිය සම්පූර්ණ කිරීමට. බෙහෝ විට සිකුරාදා දිනයේ ගෙදර සිට වැඩ කිරීමේ අවස්ථාවක් බවට අතිරේකව පරිවර්තනය කර ගන්නත් පුළුවන්.”