hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 5:55



මිතුරෙකුගේ උපන්දින සාදය සැමරිමට නෝටන්බ්‍රිජ් ඇබඩින් දිය ඇල්ලට ගිය තරුණයෙකු ඇළෙහි ගිලි අද (28) දින අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

මෙසේ ඇබඩින් දිය ඇල්ලේ දින නෑමට ගොස් අතුරුදහන් වී ඇත්තේ බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායේ ඉහල කොටසේ පදිංචි ක්‍රිෂ්ණන් විනුෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙක්.

දියේ ගිලි අතුරුදහන් වි ඇති තරුණයා ගිනිගත්හේන නගරයේ සුපිරි වෙලදසැලක වෙලද සේවකයෙකු වශයෙන් කටයුතු කරන බවත් එම වෙලදසැලේ සේවය කරන තවත් සේවකයෙකුගේ උපන් දිනය අද (28) යෙදි ඇති නිසා එම උපන් දිනය සැමරිමට එම වෙලදසැලේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු සමග ඇබඩින් දිය ඇල්ල අසලට ගොස් දිය නැමට ඇළට බැස ඇති අවස්තාවේ අද (28) උදෑසන 11.00ට පමණ ක්‍රිෂ්ණන් විනුෂාන් දියේ ගිලි අතුරුදහන් වු බවයි ඔහුගේ මිතුරන් කියා සිටියේ.

ඇබඩින් දිය ඇල්ල පාමුල දියේ ගිලි අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ සිදු කරයි.