hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 9:55



දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් සිය බිරිඳගේ පෙර කසාදයේ 10 හැවිරිදි පුත්‍රයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු තම බිරිඳ සමග ඊයේ (27) රාත්‍රියේ බහින්බස් විමක් සිදුව ඇති අතර, එය දුරදිග යාමෙන් පසුව සැකකරු තියුණු ආයුධයකින් බිරිඳට පහරදීමට උත්සාහ කර ඇති අතර එහිදී ඊට මැදි වීම හේතුවෙනුයි එම පුත්‍රයා මිය ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

ගැටුම අවස්ථාවේ අනපේක්ෂිත ලෙස මෙම දරුවාගේ හිසට පිහියක් වැනි තියුණු ආයුධය එල්ල විමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා මොරවක කොස්නිල්ගොඩ රෝහලට ඇතුලත් කර තිබූ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි අද (28) පෙරවරුවේ එම දරුවා මියගොස් ඇති බව සඳහන්.