hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 21, ප.ව. 1:01



හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට මෙම අවස්ථාව ලබාදුන් බවත් ඔහු මේ වන විට ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් තමන් තවදුරටත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බවත් පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කර තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි ඇතිවූ පුරප්පාඩුව සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කෙරුණා.