hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 01, පෙ.ව. 6:01



පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කොට වසර 65ක් ගතවී තිබුණද ළමුන්ගේ අයිතිවාසිකම්  ආරක්ෂා වන පරිදි  විශ්ව ප්‍රඥප්තියට අනුකූලව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඊට අදාල නීති සම්පාදනය කිරිම මේ දක්වා ඉටුකර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක් සදහා 2019 මාර්තු මස 06 වැනි දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබුණද එම ප්‍රතිපත්තියද මෙම වර්ෂයේ මාර්තු මස 25 වන දින වන විටත් ප්‍රමාණාත්මක ලෙස ක්‍රියාත්මක කොට නොතිබුණා.

ජාතික ප්‍රතිපත්තීන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනාථ, අත්හල හා අසරණ ළමුන්ද නීතිමය ගැටළුවලට යොමු වූ ළමුන්ද සුවිශේෂි කර ගනිමින් සියලු ළමුන්ගේ අයිතිවාසිකම්  සුරක්ෂිතකර ගනිමින් ඔවුනට සමාන අවස්ථාවන් උදාකර දීම  දෙපාර්තමේන්තුවේ මෙහෙවර වෙනවා.

මෙහිදී ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් විගණනයට සදහන් කොට ඇත්තේ විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා පළාත් ක්‍රියාකාරි සැලසුම් 08ක් සකස්කර ඇති බවයි.

ගාල්ල – ලලිත් චාමින්ද