hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 8:35



කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ.විජේසූරිය මහතා පැවසුවා.

බැක්ටීරියා ආසාදිත ඇතැම්  දරුවන්ට දිනකට මාත්‍රා 3 බැගින් දින 5ක් පුරා මෙම ඖෂධ ලබා දීමට සිදුව ඇති බවත් මේ සඳහා රුපියල් 225,000ක මුදලක් වැය කීරීමට සිදු ඇති බැවින් මෙවැනි අධික මිල ගණන් සහිත ඖෂධ සැපයීමට සැපයුම්කරුවන්  ඉදිරිපත් නොවන බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

ඖෂධ ප්‍රශ්නය කෙසේ හෝ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධ ගණනාවක්ම විදේශීය දානපතීන්ගෙන් පසුගිය දිනවල ලබා ගැනීමට හැකිවූ බව විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: