hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 8:51



නව විදුලි සම්බන්ධතා 35000 ක් ලබාදීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ විදුලි මීටර් සහ වයර් හිඟය හේතුවෙන්.

මේ නිසා නව විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කළ විදුලි පාරිභෝගිකයන් දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දක්වා සිටි විදුලි බල මණ්ඩලයේ අතිරේක (බෙදාහැරීම් අංශ 4) සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා පැවසුවේ විදුලි මීටර් වයර් පමණක් නොව ට්‍රාන්ස්ෆ්‍රෝමර්ස් ද දැඩි හිඟයක් ඇති බවයි.

ට්‍රාන්ස්ෆ්‍රෝමර්ස් 300 ක 400 ක පමණ අවශ්‍යතාවක් පැවැතියත් මේ වන විට ඇත්තේ 100 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙම උපාංග ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලි මීටර් 6000ක් මෙම මාසයේදී ආනයනය කිරීමට කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: