2022 ජූනි 24, ප.ව. 4:02
ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව විසින් තීරණ කිහිපයක් ගනු ලැබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවා.
එම තීරණ ගනු ලැබුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් 2022.06.10 වැනිදින කෝප් කමිටුව වෙත පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් යොමු කොට ඇති 2022.06.11 දිනැති (CEB/CH/100) ලිපිය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා ඊයේ (23) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
එහිදී ඔහුගේ ප්‍රකාශය සත්‍ය වූත් නිවැරැදි වූත් බවට වූ ප්‍රතිඥාවක් ලබා ගැනීමෙන් පසු සභාවේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් CEB/CH/100 අංකය දරණ 2022. 06.11 දිනැති කෝප් කමිටු සාමාජිකත්වය වෙත යොමු කරන ලද ලිපිය සභාගත කර තිබෙනවා.
එසේම එම ලිපියෙහි ඇමුණුමක් වූ 2021 නොවැම්බර් 25 දරන එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත යවන ලද ලිපිය ද සභාගත කර තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
2022.06.10 දින පැවැති කෝප් කමිටුවේ දී එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් ෆර්ඩිනැන්ඩු මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයෙහි වචන කීපයක් ඉවත් කර ගැනීමට ඔහු විසින් කෝප් කමිටුවෙන් සිදු කරන ලද ඉල්ලීම දීර්ඝ සාකච්ඡාවකින් පසු අනුමත කිරීමට කමිටුව විසින් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මීට අමතරව, මෙම සාකච්ඡාව තුළ දී කෝප් කමිටුව විසින් පහත කරුණු අවධාරණය කරන තිබෙනවා.
එහිදී ඇමුණුම් ලිපියේ දෙවන පරිච්ඡේදයේ සඳහන් ආකාරයට මෙම ව්‍යාපෘතිය රජයන් දෙක අතර ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමට එවකට සිටි අගමැතිවරයාගේ මාර්ගෝපදේශකත්වයක්(direction) තිබුණේද යන්න සම්බන්ධව කමිටුව විසින් විමර්ශනය කර තිබෙනවා.
එයට පිළිතුරු වශයෙන් ෆර්ඩිනැන්ඩු මහතා ප්‍රකාශ කළේ රජයේ ඉහළ දේශපාලන අධිකාරිය ලබා දෙන මාර්ගෝපදේශ නිලධාරීන් ලෙස විධානයන් ආකාරයෙන් පිළිගන්නා බවයි.
ඒ අනුව ඔහු එය රාජ්‍යන් දෙකක් අතර එකඟතාවය මත වූ ව්‍යාපෘතියක් ලෙස තමන් අවබෝධ කරගත් බව ද සඳහන් කළා.
එසේම උක්ත කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ස්වකීය ට්විටර් (Twitter) ගිණුමේ පණිවුඩයක් මගින් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීම ද මෙහිදී කමිටුවේ අවධානයට ලක් වී තිබෙනවා.
මෙහිදී කමිටුවේ එක් සාමාජිකයෙකු මතු කළ විරෝධතාවක් වූයේ ඉහත ඇමුණුම් ලිපිය අගමැති ලේකම්වරයා ඇතුළත්ව බොහෝ අයට පිටපත් කර තිබූ නමුත් ජනාධිපති ලේකම්වරයාට පිටපත් කර නොමැති වූයේ මන්ද යන්නයි.
ඒ සඳහා ෆර්ඩිනැන්ඩු මහතාගේ පිළිතුර වූයේ එය සිතා මතා සිදු නොකළ අතපසු වීමක් බවයි.
මෙහිදී කෝප් සභාපතිවරයා සඳහන් කළේ ෆර්ඩිනැන්ඩු මහතා ලිපියේ සඳහන් කරන පරිදි අදාල ව්‍යාපෘතිය රජයන් දෙකක් අතර ව්‍යාපෘතියක් ලෙස සැලකීම සහ කමිටුවේ බහුතර සාමාජික මන්ත්‍රීවරයන් විසින් එය එසේ පිළි නොගැනීම වශයෙන් මේ පිළිබඳව මත දෙකක් පවතින බවයි.
මෙහිදී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ රජයන් දෙකක් අතර පවත්නා ව්‍යාපෘතියක් යන්න තීරණ කරනු ලබන්නේ කැබිනට් තීරණයක් අනුව බවත් මෙහි සඳහන් ව්‍යාපෘතිය සඳහා තවම එවැනි තීරණයක් ලැබී නොමැති බවත්ය.
එයට පිළිතුරු වශයෙන් ෆර්නැන්ඩු මහතාගේ අදහස වූයේ රාජ්‍ය නිලධාරියකු වශයෙන් සේවා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තමන් එය සෘජුව භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපිය යොමු කළ බවයි.
මෙම කරුණු අවධාරණය කිරීමත් සමගින් අදාල විමර්ෂණ කටයුතු නිමාවට පත් කරන ලද අතර විදුලිබල මණ්ඩලයේ ඉදිරි විමර්ෂණ කටයුතු සමග මෙම ව්‍යපෘතියට අදාල ක්‍රියාදාමය පිළිබඳ සාකච්ඡා කිරිමටද කමිටුවේදී තිරණය වුණා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31