hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 22, පෙ.ව. 10:23



අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අද (22) පිරිසක් සමඟ විශේෂ ගමනක් සඳහා රටින් පිටත්ව ගියා.

ඒ වතිකානුව බලා.

හැටකට අධික පිරිසක්

අගරදගුරුතුමන් ඇතුළු 60 කට අධික පිරිසක් එම ගමන සඳහා සහභාගී වී තිබෙනවා.

එම පිරිස එසේ ගියේ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයකට අනුවයි.

2019 පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන් අතුරින් සීමිත පිරිසකට තමන් වහන්සේ සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් පාප්වහන්සේ විසින් ලබා දුන්නා.

විශේෂ දිව්‍ය පූජාව

අද (22) අලුයම වතිකානුව බලා පිටත්ව ගිය එම පිරිස එළබෙන 25 දින එහිදී විශේෂ දිව්‍ය පූජාවකටද සහභාගි වීමට නියමිතයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් ඉතා විශාල පිරිසක් වින්දිතයන් බවට පත් වුණා.

මේ නිසා ඒ අය අතුරින් පාප් වහන්සේ බැහැ දැකීම සඳහා ගිය ගමනට වින්දිතයන් තෝරා ගනු ලැබුවේ කුසපත් ඇදීමෙන් බවයි දැනගන්නට තිබෙන්නේ.