2022 අප්‍රේල් 21, ප.ව. 8:13
මෙරට ඉතිහාසයේ එක වතාවක බස් ගාස්තු ඉහළ දැමූවේ ඉකුත් ඊයේ (20) හිමිදිරි උදෑසනයි.
ඒ 35% බස් ගාස්තු වැඩිවීමක්.
තුන් වැනි වතාව
එසේ බස් ගාස්තු වැඩි කලේ මේ වර්ෂය තුළ තුන්වැනි වතාවටයි. ජනවාරි මස 17.44% කින්ද , මාර්තු මස 15% කින්ද මීට පෙර බස් ගාස්තු වැඩි කර තිබුණා.
ඒ අනුව ගෙවුන මාස 4 තුළ බස් ගාස්තුව 67.44% කින් වැඩි වී තිබෙනවා.
ඇමතිගේ තීන්දුව
මේ සියලු වැඩි කිරීම් කළේ ප්‍රවාහන විෂය භාර දිලුම් අමුණුගම ඇමතිවරයා විසින්.
බස් ගාස්තුව 35% කින් වැඩි කිරිමට දිලුම් අමුණුගම ඇමතිවරයා ගත් තීන්දුව ඉතා නිවැරදි එකක් බව නව ප්‍රවාහන රාජ්‍ය ඇමතිවරිය වූ ඩයනා ගමගේ මහත්මිය මාධ්‍ය අමතා ප්‍රකාශ කරනවා.
ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගත් අවස්ථාවේදී.
බස් කර්මාන්තය
බස් රැකියාවේ යෙදෙන අයටත් දරු පවුල් නඩත්තු කිරීමට තිබෙන හෙයින් එසේ බස් ගාස්තු වැඩි කිරීම නිවැරදි බවයි ඇය සඳහන් කරන්නේ.
ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පක්ෂ මාරු කළ මන්ත්‍රීවරියක්.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31