hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 05, ප.ව. 8:14



මන්නාරම, වව්නියාව, ගම්පහ, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල, පුත්තලම යන ප්‍ර දේශවල පෞද්ගලික බස් රථ ධාවනය හෙට (06) දිනයේ පූර්ණ ලෙස අඩාල වීමේ ලකුණු පහලව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේ අනුව එකී ප්‍රදේශවල සංඛ්‍යාත්මකව සලකා බැලූ විට බස් රථ ධාවනය වන්නේ සියයට 10-15ත් අතර ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මෙසේ ද සඳහන් කළා.

“බස් රථ සංඛ්‍යාත්මකව බැලූ විට 10%ත් 15% අතර ප්‍රමාණයක් තමයි හෙට දිනයේ ධාවනය වෙන්නේ. පැහැදිලිව කියන්න ඕනේ. මේ නම්කළ ප්‍රදේශ ලංගම ඩිපොවලින් ඩීසල් ලබානොදුන් ප්‍රදේශ. මේ ප්‍රදේශවලින් ලංගම හරහා ඩීසල් ලබාගන්න කටයුතු සිද්ධ වුණේ නැහැ. මේ සම්පූර්ණ වගකීම ඒ අදාළ බලධාරීන් ඒ වගේම විදුලි බල අමාත්‍යවරයා වගකීම භාර ගතයුතුයි කියලා මම පැහැදිලිවම කියන්නේ. මොකද පොදු ප්‍රවාහන සේවයට ඒ අවශ්‍ය දේ කරන්න කටයුතු කළේ නැහැ. අපි දකිනවා අමාත්‍යවරුනුත් යම් ආකාරයට නිහඬතාවයට පත්වෙලා තියෙනවා මේ ඉන්ධන සීමාකිරීම තුළ.”