hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 16, පෙ.ව. 5:38



බක් පුර පසළොස්වක පොහොය අදට (16) යෙදී තිබෙනවා.

බක් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව ඇති බව සඳහන්.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය බක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව ද සඳහන්.

සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනකයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.