hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 6:40



අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අද (07) සාකච්ජාවක් පැවැත්වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළා.

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයට දැවැන්ත මර්ධනයක් එල්ල වී ඇති බව එම සාකච්ජාවේදී ඔවුන් මුලික වශයෙන් සඳහන් කළ බව ජයගොඩ මහතා පැවසුවා.

බොරු චෝදනා එල්ල කරමින් ශිෂ්‍ය නායකයින් ගණනාවකට වරෙන්තු නිකුත් කර ඇති බවත් අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාලිය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමියන් සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන හෂාන් ජීවන්ත යන ය අධිකරණයට ඉදිරිපත් නොකර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින බවත් ඔහු අවධාරණය කළා.