hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 17, පෙ.ව. 10:45



ශ්‍රී ලංකාව පත් වී තිබෙන මූල්‍ය අර්බුදයට විසදුම් සොයා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇතුළු කණ්ඩායම අද (17) අලුයම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙන බව ඒෂියන් මිරර් ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළා .

මුදල් අමාත්‍යවරයා සමග ඔහුගේ සහායට තවත් අයෙකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ඔහුගේ සහායට තවත් අයෙකු ද වශයෙන් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියා.

ඔවුන් අද අලුයම 05.07 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් මෙම පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතයි..