hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 23, පෙ.ව. 7:57



නව මුදල් ඇමති අලි සබ්රි මහතා මේ වන විට සිටින්නේ ඇමරිකාවේ.

ඒ රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා මාලාවක.

සාකච්ඡා වල ප්‍රගතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත් වූ සාකච්ඡා දැනට සාර්ථක වී නැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මුදල් ඇමති අලි ෂබ්රි මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ එළඹෙන මැයි මස 4 වෙනි දින.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

ඒ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තහවුරු කරනවා.

එසේ විවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කර තිබෙන්නේ ඊයේ (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී.