hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 6:10



රාජගිරිය ගුවන් පාලම අසලදී අද පෙරවරුවේ ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරු ප්‍රතිකාර තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිකඩ පොලීසිය පවසයි.

ලොරි රථය බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වීමේ දී බොරැල්ල දෙස සිට පැමිණි යතුරුපැදි කරු නාවල දෙසට යාමේදී එකිනෙක ගැටී මෙම අනතුර වි ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලද වයස අවුරුදු 50 ක පමණ වන යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදුවන ආකාරය මාර්ගයේ ගමන් ගමන් ගත් මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබූ බව වාර්තා වෙනවා.

වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.