hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 28, පෙ.ව. 9:24



යුක්‍රේනියාව යුධමය වශයෙන් පරාජය කොට එහි භූමිය අත්පත් කර ගැනීම රුසියාව හිතපු තරම් වි ලේසි නැහැ.

මේ වන විට රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කොට මාස 2ක් ඉක්මවා කොස් ඇති මුත් සතුටු විය හැකි ප්‍රගතියක් රුසියාව ලබා නැති බවයි බටහිර රටවල් ප්‍රකාශ කරන්නේ.

නවීනතම අවි සැපයීම

එම රටවල් සෘජුවම රුසියාවට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය නවීනතම අවි යුක්රේනිවට සපයන රටවල්.

නේටෝ සංවිධානය ඇතුළු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල යුක්රේනයට එසේ අවි සැපයීම රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට (VLADIMIR PUTIN) දරුණු හිසරදයක් වී තිබෙනවා.

ඒ බව සනාථ වන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු මේ වන විට දක්වා ඇති දැඩි තර්ජනාත්මක ප්‍රතිචාරය නිසා.

බාහිර රටක් යුක්රේනයට අවි සැපයීම යුද්ධයට මැදිහත් වීමක් ලෙසයි පුටින් පෙන්වා දෙන්නේ.

අනතුරු ඇඟවීම

කිසියම් රටක් යුක්රේනියාව සමග කෙරෙන යුද්ධයට මැදිහත් වූවොත් ඊට ක්ෂණික වේගයකින් ප්‍රතිචාර දක්වන බවට ජනපති පුටින් අනතුරු අඟවනවා.

ඒ හැම අභියෝගයකටම මුහුණ දීමට ක්‍රම තිබෙන බවත් ඒ ක්‍රම ස්ථිර ලෙසම ක්‍රියාත්මක කරන බව පුටින් පවසන්නේ රුසියාව සතුව තිබෙන බැලැස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් වක්‍රාකාරයෙන් මතක් කර දෙමින්.

මේ වන විට ඇමරිකාව , යුක්රේනයට අවි සපයන ප්‍රධානතම රටක් වී ඇති අතර ඒ හරහා යුක්රේනය රුසියාව පරාජය කරනු දැකීම ඇමරිකාවේ එකම බලාපොරොත්තු වනවා.

පසු බැසීම

ඉකුත් සතියේදී යුක්රේනයේ කිව් (KYIV) නගරය ආසන්නයේ සටන් කරමින් සිටි රුසියානු හමුදා එම ස්ථානයෙන් ඉවත් වී ඩොන්බස් (DONBAS) ප්‍රදේශය අල්ලා ගැනීම සඳහා සටන් කළ බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව ලෙස බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ කිව් නගරය ආසන්නයේ පැවති සටන් වලදී යුක්රේන හමුදා වල ප්‍රහාර වලට රුසියානු හමුදා වලට මුහුණ දීමට නොහැකි වීමයි.

එහිදී රුසියානු හමුදා වලට දැඩි පාඩු සිදු වූ බවත් වාර්තා වනවා.

යුක්රේන යුද්ධයට සම්බන්ධ වන පිටස්තරයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මේ වන විටත් තීරණය කොට අවසන් බව ජනපති පුටින් රුසියානු නීතිවේදීන් පිරිසක් අමතා ප්‍රකාශ කොට තිබෙනවා.

සටන්කාමීන් සැපයීම

නේටෝ සංවිධානය මෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව යුක්රේනයට අවි සපයනවා පමණක් නොව සටන්කාමීන්ද සපයන බවටත් තොරතුරු වාර්තා වනවා.

යුක්රේනය වෙනුවෙන් සටන් කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මේ වන විට තම අත් අඩංගුවේ සිටින බව රුසියාව මෑතකදී ප්‍රකාශ කළා.