2022 අප්‍රේල් 21, ප.ව. 1:10
බ්‍රිතාන්‍ය එලිසබත් රැජින හා ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ ඉතා කිට්ටු සබඳතාවයක්.
එලිසබත් රැජිණ සිය 96 වැනි උපන් දිනය අද (21) ඉතා චාම්ව සමරනු ලැබුවා.
කාල තුවක්කු උත්තමාචාර
ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති උපන් දින සැමරුමේදී කාල තුවක්කු උත්තමාචාරයක්ද ඇය වෙත පිරිනමනු ලැබුවා.
එසේ උත්තමාචාර පැවැත්වූයේ ලන්ඩන් ටවරය (TOWER OF LONDON) සහ හයිඩ් පාක් (HYDE PARK) ස්ථාන අවටයි.
බ්‍රිතාන්‍ය මහ රැජින සිය 96 වැනි වැනි උපන් දිනය සමරන මේ වර්ෂය රජ පවුල වෙත බොහෝ ප්‍රශ්න ඇති වෙමින් පවතින වර්ෂයක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙන්නේ.
නිල උපන් දිනය
එලිසබත් රැජිනට කොවිඩ් ආසාදනය වීම මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ අනාගත හිමිකරු සම්බන්ධයෙන්ද මේ වන විට ප්‍රශ්නකාරී තත්ත්වයන් මතුව තිබෙනවා.
18 වැනි ශත වර්ෂයේ සිට පැවත එන සම්ප්‍රදායයන්ට අනුව බ්‍රිතාන්‍ය කිරීටයට දෙවැනි උපන් දින සැමරුමක්ද හිමිව තිබෙනවා. එය බ්‍රිතාන්‍ය කිරීටයේ නිල උපන් දින උත්සවය ලෙසයි සැලකෙන්නේ.
මහජන උත්සව
ඒ අනුව එළැඹෙන ජුනි 2 සිට 5 දක්වා එළිසබෙත් මහ රැජිනගේ නිල උපන් දින උත්සවය පැවැත්වීමට නියමිතයි.
එම දින කිහිපයේදී රැජිනිගේ උපන් දිනය නිමිත්තෙන් මහජන උත්සව පැවැත්වෙනවා ඇත.
මේ වන විට එළිසබෙත් රැජින බ්‍රිතාන්‍ය මහ රැජිනිය ලෙස වාර්තාවක් තබා තිබෙනවා.
ඒ අඛණ්ඩව වසර 70ක් බ්‍රිතාන්‍ය රජ කිරුළ දරමින්.
2022 දෙසැම්බර් 22, ප.ව. 3:36
2022 දෙසැම්බර් 21, ප.ව. 7:16
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:41
2022 දෙසැම්බර් 15, පෙ.ව. 8:31
2022 දෙසැම්බර් 10, ප.ව. 6:54