hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 7:08



උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිෂ්පාදන වැඩ පිළිවෙල වේගවත් කිරීමට තීරණය කොට තිබෙනවා.

ඒ බැව් සඳහන් කරන්නේ උතුරු කොරියානු පාලක කිම් ජොන්ග් – උන් (KIM JONG UN) විසින්.

90 වැනි සංවත්සරය

උතුරු කොරියානු පාලකයා මේ බැව් සඳහන් කළේ ඊයේ (25) පැවැති එරට හමුදාවේ පිහිටුවා වසර 90 සපිරිමේ පෙළපාලිය අමතායි.

මේ වන විට උතුරු කොරියාව සතුව තිබෙන බැලැස්ටික් මිසයිල සංඛ්‍යාව 17ක් බවට වාර්තා වනවා.

එම බැලස්ටික් මිසයිලද අදාල පෙළපාලියේදී ප්‍රදර්ශනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකානු ඉලක්කය

ඉකුත් සතියේද උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවා.

උතුරු කොරියාව සතු බැලස්ටික් මිසයිල වලින් ඇමරිකානු භූමියට පහර දීමේ හැකියාව තිබෙනවා.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු කරන්නේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පනවා ඇති තහනමද නොතකායි.