hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 26, පෙ.ව. 11:05



ලොව අංක එකේ ධනවතා වන ඉලොන් මස්ක් (ELON MUSK) වාර්තාගත ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ ට්විටර් පණිවිඩ සේවාව මිලට ගැනීම සම්බන්ධයෙන්.

ඔහු ඒ සඳහා ඉදිරිපත් කර ලංසුව ඇමරිකානු ඩොලර් බිලියන 44 ක්.

එය ශ්‍රී ලංකාවේ ඇති ණය ප්‍රමාණයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 8 කට අඩු මුදලක්.

ට්විටර් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සිය සන්නාමයේ අයිතිය මස්ක් වෙත විකිණීමට තීරණය කොට තිබෙනවා.

මස්ක් සතුව තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 273.6 ක වත්කම් නිසා ඔහු පිළිගැනෙන්නේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙසයි.

ඉන් වැඩි පුරම මුදලක් උපයා ගත්තේ ඉලෙක්ට්‍රික් රථ වාහන නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා (TESLA) සමාගමේ කොටස් හිමිකාරත්වයට ලැබුණු ප්‍රතිලාභ මතයි.

ට්විටර් පණිවිඩ සේවාව යුගයට ගැළපෙන අයුරින් නවීකරණය කොට නිදහස් අදහස් සඳහා අවස්ථාව ලබාදීමට මස්ක් බලාපොරොත්තු වනවා.