hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 28, ප.ව. 1:55



ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් ගේ (ELON MUSK) ට්විටර් අන්තර්ජාල සේවාව වාර්තාගත මුදලකට මිලට ගත්තා.

ඒ ඇමරිකානු ඩොලර් බිලියන 44 කට.

එම මුදල ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ණය මුදල් ප්‍රමාණයට වඩා අඩු වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 කින් පමණයි.

ට්විටර් මිලට ගත් මස්ක්ගේ මීළඟ ඉලක්කය තවත් ලෝක ප්‍රකට නිෂ්පාදනයක් මිලට ගැනීමටයි.

ඒ කොකා කෝලා සන්නාමය.

මස්ක් හාස්‍ය ජනක මෙන්ම ආන්දෝලනාත්මක කෙටි පණිවිඩ තැබීමටද ප්‍රසිද්ධියක් උසුලන්නෙක්.

තමා කොකා කෝලා සන්නාමය මිලට ගන්නේ යළිත් කොකේන් නැවත ගෙන ඒමට බවට පණිවිඩයක් ඔහු තබා තිබෙනවා.

50 හැවිරිදි වියේ පසුවන මස්ක් සතුව තිබෙන වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 273.6 ක් බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඉන් වැඩි පුරම ධනයක් මස්ක් උපයා ගනු ලැබුවෙි ඔහුට ටෙස්ලා (TESLA) ඉලෙක්ට්‍රික් රථ වාහන නිෂ්පාදන සමාගමේ හිමි කොටස් හිමිකාරත්වයෙන් ලැබුණු ප්‍රතිලාභ මතයි.