hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 04, ප.ව. 3:14



සඳ වෙත යැවීමට සූදානම් වූ ආටිමිස් – 01 රොකට්ටුවේ දෙවන මෙහෙයුම ද කල් දැමීමට සිදු වූ බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඊට හේතුව ඉන්ධන කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙහි පළමු මෙහෙයුම පසුගිය 29 වනදා අසාර්ථක වූයේ රොකට්ටුවේ එන්ජින් හතරෙන් එකක් නියමිත ක්‍රියාකාරී උෂ්ණත්වයට සිසිල් නොවීම හේතුවෙන්.

ඇමෙරිකාවේ නාසා ආයතනය මෙලෙස සඳ මතට රොකට්ටුවක් යැවීමට යළි සූදානම් වූයේ දශක 5කට පසුවයි.

එය අඟහරු ග්‍රහයා මතට රොකට්ටුවක් යැවීමේ පෙර සූදානමක් ලෙස ද නාසා ආයතනය විසින් හඳුන්වා තිබුණා.

කක්ෂගත කර දින 42 කට පසු එය යළි පෘථිවියට ළගාවීමටයි සැලසුම් කර තිබුණේ.

1969 වසරේදි ඇපලෝ 11 යානය පළමු වරට සඳ මතට ගොඩබසිනු ලැබුවේ ඇමෙරිකාව විසින්.

නීල් ආම්ට්‍රෝං, එහිදී සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක්වූ අතර මෙවර සඳ මතට ගොඩබැස්සවීමට ඇමෙරිකාව සූදානම් වූයේ මිනිසුන් රහිත රොකට්ටුවක් වීම විශේෂත්වයක්.