hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 18, පෙ.ව. 10:07



යාපනය කොකුවිල් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්වවිද්‍යාල සිසුන් නැවතී සිටි නිවසකට පෙරේදා (16) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට දේපල හානි කරමින් පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

කොකුවිල් දුම්රිය ස්ථානය අසල පිහිටි අදාල නිවසට යතුරුපැදි 4 කින් තියුණු ආයුධ සමගින් පැමිණි කණ්ඩායමක් විසින් එම නිවසට කඩා වැදී ඇති අතර එම අවස්ථාවේදී නිවස අගුලු දමා තිබීම හේතුවෙන් නිවස ඉදිරිපිට පිහිටි දේපල වලට හානි කොට පලා ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ප්‍රහාරය හේතුවෙන් නිවසේ දේපල රැසකට හානි සිදුව ඇතත් නිවැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවටද පොලීසිය පවසයි.

මෙම නිවසේ නිවැසියන්ට අමතරව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු කුලී පදනම මත නේවාසිකව රැඳී සිටින බවටත් එම සිසුන් සමග කිසියම් පාර්ශවයක් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇතිබවට පොලීසිය සැක පල කරයි.

කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කරන ලද පිරිස් කවුරුන් දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.