hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 3:32



නාදුනන පිරිමි අයෙකුගේ මල සිරුරක් මහවැව – තොඩුවාව මෝය අසලට ගොඩ ගසා තිබියදී හමු වී ඇති බව තොඩුවාව පොලීසිය පවසයි.

ඊයේ (08) සවස ප්‍රදේශයේ ධීවරයින්ගෙන් ලද තොරතුරකට අනුව මල සිරුර සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා.

මිය ගොස් ඇති අයගේ සිරුරේ පච්චා කීපයක් දක්නට ඇති බව පොලීසිය පවසයි.

දින කීපයකට පෙර මෙම අය මිය ගොස් ඇති බවට සැක කරන බවත්, සිරුර හදුනා ගැනීම සදහා මාරවිල මූලික රෝහලේ තැම්පත් කර ඇති බවත් තොඩුවාව පොලීසිය සදහන් කරයි.

හලාවත – ජූඩ් සමන්ත