hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 3:20



යක්කලමුල්ල මිනුවන්දෙනිය පොල්ගහගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බව යක්කලමුල්ල පොලීසිය පවසයි.

මෙම කාන්තා වයස අවුරුදු 35ක් පමණ වියැති රූමත් කාන්තාවක් වන අතර  ඇය කළු පැහැති සායකින් හා රතු පැහැති හැටිටයකින් සැරසී සිට ඇති බව පොලීසිය පවසයි.

මෙම කාන්තාවගේ මළ සිරුර හමුවී ඇති ප්‍රදේශය පාළු ප්‍රදේශයක් වන අතර කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කබරයන් විසින් කා දමා තිබෙනවා.

මෙම කාන්තාවගේ මළ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇති අතර මළ සිරුර හදුනා ගැනිම සදහා යක්කලමුල්ල පොලිසිය මහජන සහය පතයි.

ගාල්ල – ලලිත් චාමින්ද