hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 28, ප.ව. 2:26



දින 14කට පෙර මිය ගිය එකම සහෝදරයා වෙනුවෙන් මව සහ පියා සමඟ ගමේ විහාරස්ථානයට දානය රැගෙන යමින් සිටි සිසුවියක් වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හසලක ගඟේ යාය පහේ ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි හසලක කීනපැලැස්ස බාලිකා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ඉඳුනිල් අනුත්තරා නැමැති දැරියයි.

ඇයගේ සහෝදරයා මියගොස් තිබුණේ ගෙලවැලලාගෙනයි.

ඒ වෙනුවෙන්  දානය රැගෙන යමින් සිටියදී මව සහ පියා ඉදිරිපිට දී මෙම අලි ප්‍රහාරයේ සිසුවිය වෙත එල්ල වී තිබෙනවා.

මියගිය සිසුවියගේ නිවස පිහිටා තිබෙන්නේ මහවැලි ගඟට ආසන්නව බවත් වන අලි විදුලි වැට පෙරළා ගෙන ගම්වැදි ඇති බවත් වාර්තා වෙනවා.

බරපතළ තුවාල වූ දැරිය ප්‍රදේශවාසීන් හසලක රෝහලට ගෙනයන විටත් මිය ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.