2022 ජූලි 16, ප.ව. 3:01
කණ්ඩලම දුන්න බිඳුණුවැවේ කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය හත් හැවිරිදි කුඩා පාසල් සිසුවාගේ සිරුර අඩි විස්සකට අධික ගැඹුරු වලක තිබී අද (16) පෙරවරු 10.45ට පමණ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා.
ඊයේ (15) පෙරවරුවේ මව, පියා සහ සහෝදරිය සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙම දරුවා පියාගේ අතින් එල්ලී සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
දරුවා සෙවීමේ මෙහෙයුම් එම මොහොතේ සිට ක්‍රියාත්මක වී තිබෙනවා.
පසුව සීගිරිය පොලිසිය නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පිරිසක් ගෙනැවිත් වැවේ සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටියදී වැව මැදට වන්නට ප්‍රදේශ්යේ අඩි 25ක පමණ ගැඹුරු වලක සිටියදී දරුවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.
සිරුරේ තැන තැන කිඹුලා විසින් සපා කෑ තුවාල දැක ගැනීමට හැකි වීම විශේෂත්වයක්.
දඹුල්ල – කාංචන කුමාර ආරියදාස
2022 දෙසැම්බර් 23, ප.ව. 5:06
2022 දෙසැම්බර් 22, ප.ව. 4:23
2022 දෙසැම්බර් 20, පෙ.ව. 9:28
2022 දෙසැම්බර් 16, ප.ව. 6:45
2022 දෙසැම්බර් 08, පෙ.ව. 10:44