hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 28, ප.ව. 4:27



අධිකරණ නියෝග මත බද්දේගම හල්පාතොට නිවර්තන ළමා නිවාසයේ රදවා සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ගාල්ල නගරයේ දි මුහුදට පැනීමට තැත්කොට ඇති අතර එහි සිටි පිරිසක් මෙම දැරියන් දෙදෙනා බේරාගෙන ගොස් ඇති බව ගාල්ල පොලීසිය පවසයි.

මෙම දැරිවියන් දෙදෙනා 16 හැවිරිදි වියේ පසුවු දැරියන් දෙදෙනෙක්.

මින් එක් දැරියක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබෙනවා.

මෙම දැරියන් දෙදෙනා ඉකුත් 25 වැනි දින නිවර්තන නිවාසයෙන් පැන කුමාරකන්ද දක්වා පාගමනින් පැමිණ ඇති අතර කුමාරකන්දේ සිට බස්රථයක නැගී ගාල්ල නගරයට පැමිණ තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

බස්රථය ගාල්ල නගරයට පැමිණීමෙන් පසු මෙම දැරියන් දෙදෙනා පමණක් බසයේ සිට ඇති අතර මෙය දුටු බසයේ කොන්දොස්තරවරයා මෙම දැරියන්ගෙන් ප්‍රශ්නකොට දැරියන් දෙදෙනා පොලිසියට කැදවාගෙන යාමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

එම අවස්ථාවේ දි දැරියන් දෙදෙනා මුහුදු පැත්තට දිවගොස් ඇති අතර එසේ දිවගොස් එක් දැරියක් මුහුදට පැන ඇති අතර  අනෙක් දැරිය එහි සිටි අය අල්ලාගෙන තිබෙනවා.

පසුව මුහුදට පැන්න දැරිය එහි සිටි අය විසින් බේරගෙන පොලීසියට භාරදි තිබෙනවා.