hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 17, ප.ව. 2:03



පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුවියක් සහ සිසුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) පැවති ක්‍රිකට් තරගයේදී ක්‍රීඩාංගණයට ඇතුලුවන ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ බීමතින් පැමිණි පිරිසක්, පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කරමින් ආවේගශීලීව සහ කළහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම පිරිස පාලනය කිරීමට ගත් උත්සාහයේදී සිය රාජකාරිවලට කිහිපදෙනෙකු බාධා කිරීම හේතුවෙන් මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් එම පිරිස අවුරුදු 24 සහ 28 වයස්වල පසුවන කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව ප්‍රදේශවල පදිංචිකරුවන්.