hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 09, පෙ.ව. 9:14



බදුල්ල නගරයේ දකුණු පටු මාවතේ නවතා තිබූ යතුරු පැදියක් කිසියම් පුද්ගලයෙකු විසින් 5 වන දින දිවා කාලයේදී සොරකම් කර ඇති බව යතුරු පැදි හිමිකරු විසින් පැමිණිල්ලක් කර ඇති බව බදුල්ල පොලීසිය පවසයි.

එම පැමිණිල්ලට අනුව සිද්ධියට අදාල ස්ථානයේ වෙලදසැල්වල සවිකර ඇති සිසිටීවී දර්ශණ ඔස්සේ පොලිස් විමර්ශණ ආරම්භ කර ඇති අතර කිසියම් පුද්ගලයෙකු යතුරුපැදිය කකුලෙන් තල්ලුකරගෙන රැගෙන යන අකාරයත් පසුව යතුරුපැදිය පන ගන්වාගෙන බදුල්ල නගරයේ සිට පස්සර මාර්ගයේ ගමන් කරනා බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

“මම මේ යතුරුපැදිය රුපියල් 335,000/- දීලා මිලදී ගත්තේ පසුගිය මාසේ 27 වෙනිදයි. මම සැලුන් එකක් පවත්වාගෙන යනවා. මාගේ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය උපකරන ගන්නයි නගරයට ආවේ. ඒ ඇවිත් දකුණු පටු මාවතේ මාර්ගය අයිනේ යතුරුපැදිය නවතා කඩයකට ගිහින් එනකොට යතුරු පැදිය තිබුණේ නැහැ. මට හිතාගන්න බැරි වුණා. දුක්මහන්සි වෙලා ගත්ත බයසිකලේ. මේ දේවල් වෙන්න විනාඩි පහක් යන්න ඇති.

පස්සේ ඒ අසල කට්ටියගෙන් ඇහුවත් ඒ අයට එතරම් ගානක් නැහැ. මම එහාට මෙහාට දිව්වා. නමුත් බයිසිකලේ නැහැ. ඊට පස්සේ මම බදුල්ල පොලීසියට පැමිණිල්ලක් කලා. ඒ පැමිණිල්ලට අනුව පොලීසියත් එක්ක ගිහින් වෙළදසැල්වල සිසිටීවී දර්ශන බැලුවා. එතකොට තමයි දැක්කේ කලුපාට ජැකට් එකක් සහ හෙල්මට් එකක් දාගෙන පුද්ගලයෙක් බයිසිකලේ රැගෙන යනවා.” යනුවෙන් යතුරුපැදියේ හිමිකරුවන බදුල්ල පිටවෙලගම පදිංචි ආර්.එම්.සචින්තක රුමේෂ් මහතා මෙසේ සඳහන් කළා.

අදාල පුද්ගලයා සහ යතුරුපැදිය සොයා බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

ජයලත් දිසානායක   –   බදුල්ල