2022 අගෝස්‍තු 23, ප.ව. 5:58
කොට්ටාව විද්‍යාල හංදියේ දී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලබේ පොලිසියට අනුක්ත නිලධාරීන් සිව් දෙනා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කළා.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පොලිස් සැරයන්, කල්පාගොඩ මුදියන්සේලාගේ කරුණාසේන කල්පගොඩ, පොලිස් කොස්තාපල්වරුන් වන ජයලත් ආරච්චිගේ විජයරත්න, පිටිගල කංකානම්ලාගේ විමේශ් මධූෂ පිටිගල, ( විශේෂ කාර්යාංශ බුද්ධි නිලධාරී) ගුණසේකරගේ නාලක ගුණසේකර යන නිලධාරීන්.
ඉකුත් 20 වෙනි දින වලස්මුල්ල වීරකැටිය පාරේ පදිංචි කොට්ටාව විද්‍යාල හංදියේ සිය සහෝදරියගේ නිවසට පැමිණ නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනා කොස්තාපල් විජේරත්න නිලධාරියාට අයත් ත්‍රීරෝද රථයෙන් පාරක නමක් අසන මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහු පැළඳ සිටි රන් මාලය සහ අත දරා සිටි ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ල කා කොල්ලකා පලාගොස් තිබුණා.
කොල්ලකෑම සම්බන්ධයෙන් එම තරුණයා ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අංකය සමඟ කොට්ටාව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් හා කොල්ල කන ලද දේපල අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වුවා.
කොට්ටාව පොලිසිය පැමිණිල්ල මෙහෙය වුවා.
බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ
2022 දෙසැම්බර් 23, ප.ව. 5:06
2022 දෙසැම්බර් 22, ප.ව. 4:23
2022 දෙසැම්බර් 20, පෙ.ව. 9:28
2022 දෙසැම්බර් 16, ප.ව. 6:45
2022 දෙසැම්බර් 08, පෙ.ව. 10:44