hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 26, පෙ.ව. 9:21



බිළිඳු දරුවකු මරණයට පත්කර සිරුර ළිඳකට දැමීමේ සිද්ධියකට අදාළව මහනුවර රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2017 වසරේ මඩකලපුව ප්‍රදේශයේ දී බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී හමුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකළ දිර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙලෙස වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් ප්‍රසූත කරන ලද බිළිදෙකුව හුස්ම හිරකර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට චෝදනා එල්ලව තිබෙනවා.

සැකකරු අද (26) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මඩකලපුව පොලිසිය විසින් සිදු කරනු ඇති.