2022 ජූලි 12, ප.ව. 2:59
කලකට පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වැඩි වශයෙන් අද (12) එළවළු තොග ලැබුණු බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසයි.
විශේෂයෙන් පසුගිය දින කිහිපයේම ඉන්ධන අර්බුදය හේතුවෙන් යාපනය, හම්බන්තොට, මොනරාගල, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, නුවරඑළිය ආදී ප්‍රදේශ වලින් ලැබුණු එළවළු තොග ඉතා සීමිතව පැවතුණ බවද ඔවුන් සඳහන් කරයි.
එහෙත් අද (12) යාපනය අර්ධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් වම්බටු, බීට්රුට් තොග ලැබී ඇති බව අර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ පෙන්වා දෙනවා.
සිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ද යම් මට්ටමක පහත වැටී මධ්‍යස්ථ මිලකට අලෙවි වීම සිදුවන නමුත් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගේ යම්කිසි පහත වැටීමක් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (12) පෙරවරුවේ එළවළු කිලෝවක තොග මිල මෙසේ සඳහන්ව තිබෙනවා.
ගෝවා 200 -240
බෝංචි 280 -320
ලික්ස් 160 – 180
කැරට් 240 – 270
තක්කාලි 110 -140
රාබු 80 -90
නෝකෝල් 120 -140
කැකිරි 80 – 90
පිපිඤ්ඤා 60 – 70
වැටකොළු 120 140
බණ්ඩක්කා 190 -200
පතෝල 120 -130
කරවිල 230 -250
වට්ටක්කා 140 -160
වම්බටු 180 -240
එළබටු 270 -300
දඹල 180-200
මෑ කරල් 120 -140
මාළු මිරිස් 480 -500
අමුමිරිස් 450 -500
දඹුල්ල – කාංචන කුමාර ආරියදාස
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:23
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:24
2022 දෙසැම්බර් 22, පෙ.ව. 10:23
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:58
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:54