hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:46



2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන (GREEN CARD) ඊයේ (05) දින සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සාමාන්‍යයෙන් “GREEN CARD” ලෙස හඳුන්වන මේ සඳහා ඊයේ රාත්‍රී 09.30 සිට ප්‍රවේශය සඳහා ලබා ගත හැකියි.

විවිධත්ව වීසා වැඩසටහන 2024 සඳහා වන අයදුම්පත් 2022 නොවැම්බර් 08 වන දින රාත්‍රී 10.30 දක්වා භාර ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ https://dvprogram.state.gov වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

සෑම වසරකම විවිධත්ව වීසා වැඩසටහන මඟින් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 50,000කට වැඩි පිරිසකට, එක්සත් ජනපදයට ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඉඩ ලබා දෙයි.