2022 ජූනි 03, ප.ව. 7:56
අග්‍රාමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පසුගියදා ඉහළ දමන ලද විදුලි සංදේශ බද්ද වැඩිවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, 11.25%ව පැවති විදුලි සංදේශ බද්ද 15% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.
මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ යාමට නියමිතයි.
ඊට අමතරව 8% ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවීම ද හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු සමස්තයක් ලෙස 08% කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කලා.
කෙසේවෙතත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ද බලනොපාන අතර වැට් බද්ද අනුව එම ගාස්තු සියයට 4කින් ඉහළ යාමට නියමිතයි.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:23
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:24
2022 දෙසැම්බර් 22, පෙ.ව. 10:23
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:58
2022 දෙසැම්බර් 22, පෙ.ව. 7:54