hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 11:57



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (25) දිනයේ දී ඒකක 183.16 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කරන ලදී.

මෙය පෙර දිනය හා සැසඳීමේ දී 2.03% ක කඩා වැටීමක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,828.08 ක් ලෙසින් සටහන් විය.

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 78.27 කින් පහළ ගොස් ඒකක 2,866.23 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට වඩා 2.66%ක පසු බැසීමක් වේ.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.10 ක් ලෙසින් සටහන් විය. මෙය මෙම සතිය තුළ දිනක දී වාර්තා වූ අඩුම පිරිවැටුම වේ.

එහිදී රු. බිලියන 1.89 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 2.03 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 115.67 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 65.98 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, LOLC හෝල්ඩිංග්ස්, හේලීස්, ලංකා IOC හා එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් වැඩි වශයෙන් බලපාන ලදී.

ඊයේ දින සමාගම් 157 කම කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර මිල වැඩි වී තිබුණේ සමාගම් 54 ක පමණි.